Gossips

එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට

පසුගිය ආණ්ඩු සමයේදී එංගලන්ත මන්ත්‍රීවරයෙකුට අල්ලස් දුන්නේ කවුරුන්ද යන්න රටට හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට වියදම් කළායැයි සැලකෙන ලිපි ලේඛන භාරදීම සඳහායි.