Gossips

එජාපයේ නව පෙරමුණ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් පිහිටුවන නව දේශපාලන සන්ධානය අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ.
පිටකෝට්ටේ – සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද පස්වරු 4 ට එම විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වෙනවා.
ගාලූමුවදොරපිටියේ පසුගිය සදුදා පැවති එක්සත් ජාතික පක්ෂ යුක්තියේ ජයග්‍රහණය ජන රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා නව දේශපාලන සන්ධානය පිළිබඳව හෙළිදරව් කළා.