Gossips

එජාපයේ නව තනතුරු මැයි රැළියේදී එළි දකී

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු ලබන මස 06 වන දාට යෙදෙන මැයි දින රැළියේදී එළි දක්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.
ඒ අනුව පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති, මහලේකම් සහ තවත් තනතුරු රැසක වෙනසක් සිදුවීමට නියමිතයි.
එමෙන්ම පක්ෂයේ උප නායක ධුරයන් හි වැඩිවීමක් සිදුවන අතර, මෙතෙක් නොතිබුණු උප සභාපති ධුරයන් කිහිපයක් ද පත් කිරීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ විශේෂ දේශපාලන මණ්ඩලය ද අනිද්දා රැස්වීමට නියමිතයි.