Gossips

එජාපයේ තවත් 6කට නියෝජ්‍ය ඇමති ධුර ලැබෙන ලකුණු

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හයදෙනෙකුට ලබන සඳුදා නියෝජ්‍ය ඇමති ධුර ලබාදීමට නියමිත බව වාර්තාවනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නම් මේ වනවිට තීරණය කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.
ඒ අනුව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යාංශය, වතු යටිතල පහසුකම්, සංචාරක, කර්මාන්ත හා වානිජ කටයුතු මෙන්ම මහා නගර හා බස්නාහිර නගර සංවර්ධන යන අමාත්‍යාංශ සඳහා සහ තවත් එක් අමාත්‍යාංශයක් සඳහා නියෝජ්‍ය අමාත්‍යවරු හයදෙනෙකු පත් කිරීමට නියමිත බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
එමෙන්ම එම අමාත්‍ය ධුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, ලකී ජයවර්ධන, රංජිත් අළුවිහාරේ, අජිත් මාන්නප්පෙරුම, එඩ්වඩ් ගුණසේකර සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද ඇතුළත් බව සඳහන්.