ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නැමති නව දේශපාලන සන්ධානය ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අද (21) පස්වරුවේ මෙම විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව පැවැත්වුණේ පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී ඉදිරි වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නිලධාරී මඩුල්ලට ද අනුමැතිය හිමිවූ බවයි පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.
