Gossips

එජාපයේ උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

එක්සත් ජාතික පක්ෂය කොළඹ සංවිධාන කරන විරෝධතාව අද (30) දහවල් ආරම්භ කිරීමට නියමිතයි.
නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ.
කොල්ලුපිටිය මංසන්ධියේදී මෙම විරෝධතාව ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා ජනතාව මේ වන විටත් පැමිණ ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
මේ අතර, රජයේ පරිශ්‍රවලට ඇතුළු වීම වලක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ එක්සත් ජාතික පක්ෂයට වාරණ නියෝගයක් නිකුත් කළා.
ඒ, එක්සත් ජාතික පක්ෂය අද කොළඹ සංවිධානය කර ඇති විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව මහජන පීඩාවක් ඇති වන ආකාරයට උද්ඝෝෂණ සිදු කිරීම සහ මහජන සාමය කඩවන අයුරින් විරෝධතා සිදු නොකරන ලෙසට ද නියෝග කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසකටයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.