Gossips

එජාපයේ ආනන්දට සහ අශෝකට පොහොට්ටුවේ සංවිධායක ධුර

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආනන්ද අලුත්ගමගේට සහ අශෝක ප්‍රියන්තට සංවිධායක ධුර ලබාදී තිබෙනවා.
ඊයේ දිනයේදී ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් අතර එහිදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්තට ඉදිරියේදී නිර්මාණය වන නව සන්ධානයේ නාත්තණ්ඩිය සංවිධායක ධුරය ලබාදී ඇති බව සඳහන්.
එමෙන්ම ආනන්ද අලුත්ගමගේට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යටිනුවර සංවිධායක ධුරය ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.