Gossips

එජාපයෙන් හෙළිදරව්වක්

ජනාධිපතිවරයා විසින් අද (04) දිනයේදී තවත් අගමැතිවරයෙකු පත් කිරීමේ සූදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ සඳහා ඩලස් අලහප්පෙරුම, ජෝන් සෙනෙවිරත්න සහ ජනක බණ්ඩාර යන අයගෙන් අයෙකු පත් කිරීමට ඉඩකඩ පැවතිය හැකි බව ද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ දී කියා සිටියා.