කුමන තත්ත්වයක් යටතේ වුවද එක්සත් ජාතික පක්ෂය තුළින් ජනතාවට පීඩනයක් එල්ල වීම හැර වෙනකක් බලාපොරොත්තු විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ගාල්ල බද්දේගම පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නාකයවරයා මේ අදහස් පළකළා.
ගාල්ල, බද්දේගම ප්රදේශයේ ඉදිකෙරුණු තෙසරණ මහ සෑය විවෘත කිරීමේ පුණ්යෝත්සවය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙන්ම, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ද සහභාගී වුණා.