යෝජනාවක් ඉදිරිපත් කර බහුතරයක් ඇති බව හැකි නම් පෙන්වන ලෙස එක්සත් ජාතික පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලූ ආණ්ඩුවට අභියෝග කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මෙම අභියෝගය කලේ අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
‘‘දැන් ඒ අය කියනවා අපේ යෝජනා වැරදියි අඩුපාඩුකම් තියෙනවා. එහෙමනම් මම ඒ මේ අවස්ථාවේ ඒ අයට අභියෝග කරනවා. ලබන සතියේ යෝජනාවක් ගේන්න බහුතරය තියෙනවා. පෙන්වන්න අවස්ථාවක් අපි විරුද්ධ වෙන්නෙ නැතිව අපි එකට මුහුණ දෙන්න සුදානම්. අභියෝගය භාර ගන්න. ජන්ද වලින් පැනල යන්න එපා. මේක කොච්චර කල් කරන්නද? පාර්ලිමෙන්තුවට පනත් ගේන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි යෝජනාවක් ගෙනල්ලා දවස් 05කින් පස්සේ එක විභාග වෙනවා. තව ක්‍රමයක් තියෙනවා. ස්ථාවර නියෝග අත්හිටුවන්න පුලූවන්. දැන් උදාහරණයක් විදියට එදා හැන්දෑවේ නිතීවිරෝධි විසුරුවා හැරීමට විරුද්ධව පාර්ලිමේන්තුවට කටයුතු කිරිමට හැකියාවක් තියෙනවා. විශ්වාසභංග යෝජනාවක් හරහා. ඒක තමයි අපි කෙරුවේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායකවරයාගේ තීරණ වලට මේ ලංකාවේ ඉන්න කිසිම කෙනෙකුට අභියෝග කරන්නත් බෑ. අධිකරණයට යන්නත් බෑ.’’