Gossips

එජාපයෙන් අද කල් තැබීමේ යෝජනාවක්

අද පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
රට තුළ හටගෙන ඇති දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක කර්මාන්තය කඩා වැටීම පිළිබදව එම කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.
අද පස්වරු 1ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වනවා.
කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊට සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබදව තවමත් ප්‍රකාශ කර නැහැ.
ඒ පිළිබදව අද (27) දහවල් 12ට පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බවයි සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.