Gossips

එජාපයට තවත් අලුත් තනතුරු

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට සහය දැක්වීම සඳහා නියෝජ්‍ය තනතුරු කිහිපයක් ඇති කිරීමට ඊයේ පැවති පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල කියා සිටියේ සමෘද්ධි සහනාධාරය හිමි නොවූ අයට ලබාදීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බවයි.