එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ කොටහේන ප්‍රදේශයේදී මාධ්‍ය නැගූ ප්‍රශ්නයන්ට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර සිරිකොත ගමට ගෙන යන දීප ව්‍යාප්ත වැඩසටහන අද කුරුණෑගල නගරයෙන් ආරම්භ වුණේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.
සිරිකොත ගමට ගෙන යන දීප ව්‍යාප්ත වැඩසටහනට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් එක්ව සිටියා.