Gossips

එච්.එම්. ජයවර්ධනයන් සමුගනී

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී එච්.එම්.ජයවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණා.
ඒ, කලාකරුවන් සහ සහෘද රසිකයින්ගේ සෝ සුසුම් මධ්‍යයේයි.
මියයනවිට 69 වන වියේ පසුවූ ඔහු, රෝගාතුරව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණේ පසුගිය 8 වනදායි.
එච්.එම්.ජයවර්ධනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ දේහය තැන්පත් කර තිබූ බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත පැමිණියා.