Gossips

එච්.එන්.ඩී. සිසුන්ට ජල සහ කඳුළු ගෑස්

මහපොළ වාරිකය රුපියල් 5,000 දක්වා ඉහළ දැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය අද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.
සිසුන් පුංචි බොරැල්ල මංසන්ධියෙන් විරෝධතා පා ගමන ආරම්භ කළ අතර, ඒ හේතුවෙන් මරදාන සහ ටෙක්නිකල් මංසන්ධිය අවට මාර්ගවල දැඩි රථවාන තදබදයක් ද හටගත්තා.
පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පා ගමනින් පැමිණි අතර, එම අවස්ථාවේදී ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුම අසලින් වසා දැමීමටයි පොලීසිය පියවර ගත්තේ.
සිසුන්ගෙන් කිහිපදෙනෙකුට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට අවස්ථාව හිමිවුණත් විසඳුමක් නොලැබුණු බව පවසමින් යළි ඔවුන් විරෝධතාවයේ නිරතවුණා.
එම අවස්ථාවේදියි පොලීසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර සිසුන් විසුරුවා හැරියේ.rn