Gossips

එග්ගල්ඔයේ ඔරු පැදීමට ගොස් අතුරුදන් වූ මුරකරුගේ සිරුරත් හමුවේ

අම්පාර – දමන – එග්ගල්ඔයේ ඔරුවක් පෙරළී අතුරුදන්ව සිටි මුරකරුගේ සිරුරද ඊයේ (08) රාත්‍රියේ හමුවී තිබෙනවා.
ඔහුගේ මළ සිරුර එග්ගල්ඔයේ එක් ස්ථානයකට ගොඩගසා තිබියදී සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
බදුල්ල – කඳන – සිරිසීවලී විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරුවරුන් සහ සිසුන් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා දමන ප්‍රදේශයට ගොස් තිබුණේ ඊයේ උදෑසනයි.
මෙම පිරිසෙන් 9 දෙනෙකු ඔරු පැදීමට එග්ගල්ඔයට ගොස් තිබූ අතර, පසුව ඔරුව පෙරළීමෙන් දියට වැටුණු පස්දෙනෙකු ධීවරයින් විසින් බේරගෙන තිබුණා.
අනතුරින් පසුව දියේ ගිලී අතුරුදන්ව සිටි 53 හැවිරිදි විදුහල්පතිවරයා, 43 හැවිරිදි ගුරුවරයෙකු සහ 13 හැවිරිදි ශිෂ්‍යාගේ මළ සිරුරු ඊයේ පස්වරුවේම සොයාගත් අතර, මුරකරුගේ සිරුර හමුවී තිබුණේ නැහැ.
එමෙන්ම ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 07 දෙනා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඒ සඳහා නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකක්, ඉන්දීය රජයට අයත් ගුවන් යානයක් සහ මාලදිවයිනට අයත් යාත්‍රා කිහිපයක් මේ වනවිට එක්ව සිටිනවා.