Gossips

එග්ගල්ඔයේ ඔරු පැදීමට ගොස් අතුරුදන් වූ තුන්දෙනෙකුගේ සිරුරු හමුවේ

අම්පාර – දමන – එග්ගල්ඔයේ ඔරුවක් පෙරළී අතුරුදන් වූ 04 දෙනාගෙන් තුන්දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනෙක් පුද්ගලයාගේ සිරුර ද ඔයේ රොන් මඩ අතර සිර වී ඇති බවට සැක කරන බවයි.
බදුල්ල – කඳන සිරි සීවලී විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසුන් පිරිසක් අද (08) උදෑසන විනෝද චාරිකාවක් සඳහා දමන ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
එහිදී ඉන් 9 දෙනෙකු එග්ගල්ඔයේ ඔරුවක නැගී ගමන් කරමින් සිටියදී එය හැසිරවීමට හබල ප්‍රමාණවත් නොවීමත් සමඟ කලබලයට පත්වීමෙන් ඔරුව පෙරළී ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී 5 දෙනෙකු අවට සිටි ධීවරයින් බේරාගෙන තිබෙනවා.
53 හැවිරිදි විදුහල්පතිවරයා, 43 හැවිරිදි ගුරුවරයෙකු සහ 13 හැවිරිදි ශිෂ්‍යයෙකු මෙන්ම විද්‍යාලයේ මුරකරු ද අනතුරෙන් පසු අතුරුදන් වුණා.