Gossips

එක රැයකින් ලෝකෙ ම තරුණයන් තම වසඟයට ගත් සුරුපිනිය තමන් කැමති ම කෙනා මුල්වරට හෙළිකරයි

එක රැයකින් සමාජ මාධ්‍ය හරහා ලෝකයේ ම ජනප්‍රිය වූ මලයාලම් රංගන ශිල්පිනිය ප්‍රියා ගේ අලුත් ම කතාවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
ඒ ඇය විසින් මුල්වරට තමන් වඩාත් කැමති ක්‍රිකට් ක්‍රීඩකයා හෙළිකිරීමත් සමඟයි.
මේ බව ඇය ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය මාධ්‍යයක් වෙත අදහස් දක්වමින්.
එහිදී ඇය වඩාත් කැමති ක්‍රිකට් තරුව ලෙස නම්කර ඇත්තේ ඉන්දීය හිටපු නායක දෝනි.
කෙසේ වෙතත් මේ දිනවල ඉන්දීය ක්‍රිකට් තරු අතර වඩාත් ජනප්‍රිය පුද්ගලයා ලෙස සැලකෙන්නේ වත්මන් නායක කෝලියි.
එසේ වුවත් බොහෝ දෙනෙකු දරන එම මතය බැහැරකරමින් ඇය සඳහන් කර ඇත්තේ තමන් වඩාත් කැමති ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ දෝනි බවයි.
මෙම ප්‍රකාශයත් සමඟ නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රියා පිළිබඳව විශේෂ කතාබහක් ඇතිව තිබෙනවා.
පසුගිය දිනක නිකුත් වූ තිරගත වීමට නියමිත Oru Adaar Love නමැති එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ අන්තර්ගත එක් රූප රාමුවක් සමඟ ඇය පිළිබඳව ලෝකයේම අවධානය යොමුවූවා.
ප්‍රියාගේ අභිනයන් ඇතුලත් එම අවස්ථා ඉන්දියාවේ මෙන්ම අපේ රටේ තරුණ පිරිසකගේ හදවත් සොරාගන්නට සමත්ව තිබෙනවා.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සමාජ මාධ්‍ය තුළ ටොම් කෘස් වැනි සුපිරි වීරයන් එක්දිනක ලබන ප්‍රතිචාර අතික්‍රමණය කිරීමට මෙම තරුණිය සමත්ව ඇති බවයි.
එම චිත්‍රපටය ලබන මාර්තු 03වනදා තිරගතවීමට නියමිතයි.
පාසල් කාලයේ සිදුවන ආදර කතාවක් රැගෙන එන මෙම චිත්‍රපටයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පහතින් නරඹන්න.