Gossips

එක දිගට IPL ශුරතා තුනක් දිනු ලොව පළමු ක්‍රීඩකයා මෙන්න

අඛණ්ඩව තුන්වරක් IPL ශූරතා දිනු කණ්ඩායම්වවල සමජිකයෙක් වීමේ දුලබ අවස්ථාව හිමිකරගන්නට ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක කර්න් ෂර්මා සමත්වුණා.
මෙවර චෙන්නායි පිල නියෝජනය කල කර්න් ෂර්මා මෙවර අවසන් මහා තරඟයට ක්‍රීඩා කලේ සුපිරි ක්‍රීඩක හර්බජාන් සිං ඉවතට විසිකරමින්.
ගිය වසරේ IPL ශූරතාව දිනු මුම්බායි කණ්ඩායම නියෝජන කල ෂර්මා 2016 වසරේදී ශුරතාව දිනු සන්රයිසර්ස් හයිද්‍රබාද් කණ්ඩායමද නියෝජන කිරීමට තරම් වාසනාවන්ත වුණා.
2014 වසරේදී ඔහු IPL ක්‍රීඩක වෙන්දේසියේදී සන්රයිසර්ස් හයිද්‍රබාද් කණ්ඩායම මිලදී ගනු ලබන්නේ තුන්කෝටි හැත්තෑපන්ලක්ෂයක මුදලකටයි.
කෙසේ වෙතත් එහිදී වසර කිහිපයක් හයිද්‍රබාද් කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු 2016 වසරේදී එම කණ්ඩායම IPL ශූරතාවය හිමිකරගැනීමේදී එහි සාමාජිකයෙක් වූවා.
මේ අතර 2017 වසරේ පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී මුම්බායි කණ්ඩායම විසින් මිලදී ගනු ලබන්නේ තුන්කෝටි විසි ලක්ෂයක මුදලකටයි.
එම වසරේ IPL තරඟාවලිය ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් සමත්වන අතර එහි අවසන් තරඟයේදී පන්දුවාර 4 ක් යොමුකරන ශර්මාගෙන් ප්‍රතිවාදී පූනේ කණ්ඩායමට උදුරාගැනීමට හැකිවන්නේ ලකුණු 18 ක් පමණයි.
ඒ අනුව අවසන් තරඟයේ එක් ලකුණකින් එම වසරේ ශූරතාව හිමිකරගැනීමට මුම්බායි කණ්ඩායම සමත්වනවා.
අවසන් වරට 2018 වසරේ පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී චෙන්නායි කණ්ඩායම විසින් ඔහු කෝටි පහක මුදලකට මිලදීගනු ලබනවා.
කෙසේ වෙතත් සුවිශේෂ සිදුවීම වන්නේ මේ අරුම පුදුම වාසනාවන්ත තරුව පළමුවරට IPL ශූරතාව හිමිකරගත් අවස්ථාවේ නියෝජනය කළ කණ්ඩායම මෙවර ඔහුගේ ප්‍රතිවාදීන් වීමයි.
සියල්ල උඩුයටිකුරු කරමින් අවසන් ගැටුමේදී චෙන්නායි කණ්ඩායමේ අවසන් තරඟයට එක්වීමට තරම් වාසනාවන්ත වූවා.
ඒ අනුව මෙවර පැවති 2018 IPL තරඟාවලියේ ශූරතාව චෙන්නායි කණ්ඩායම හිමිකරගැනීමත් සමඟ එකපෙළට IPL ශූරතා ත්‍රිත්වයක් හිමිකරගැනීමට තරම් කර්න් ශර්මා වාසනාවන්ත වූවා.