එක කුස උපන් තම බාල වයස්කාර සහෝදරයාට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසනවා.
අතවරයට ලක්ව ඇත්තේ වනාතවිල්ලුව – බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පදිංචිව සිටින 10 හැවිරිදි පාසල් සිසුවෙක්.
නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවේ ඊයේ (14) වැනිදා සැකකරු විසින් තම සහෝදරයාට මෙම අපරාධය සිදු කර ඇති බව විමර්ශණවලදී හෙලිවී ඇති බව
පොලීසිය සඳහන් කළා.
සැකකරු කිසියම් මන්ද මානසික තත්ත්වයකින් පෙළෙන අයෙකු බවට පොලිසිය සැකපලකරනවා.
අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වනවා.