Gossips

එකොළොස් හැවිරිදි දැරියක් දූෂණය කළ තරුණයෙක් රක්ෂිත බන්ධනාගාරයට

එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දූෂණයකර පලා ගොස් සැඟවී සිටි සැකකරුවෙකු නල්ලතන්නිය පොලිසිය මඟින් ඉකුත් 24 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නල්ලතන්නිය, මරේ තේ වතුයායේ, ගැඩස් කොටසේ පදිංචිව සිටි හේවා මුදියාන්සේලාගේ සෝමසිරි නමැති විසිතුන් හැවිරිදි අවිවාහක අයෙක්.
නල්ලතන්නිය ප්‍රදේශයේ පාසලක 06 වන ශ්‍රේණයේ ඉගෙණුම ලබන දැරියට ඉකුත් අප්‍රේල් මස 20 වන දින දැරියගේ නිවසේදී සැකකරු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අදාල සැකකරු දැරියගේ නිවසට යාබදව පිහිටි නිවසේ ජීවත්ව ඇති බව සඳහන්.
සැකකරු දැරිය දූෂණය කිරීමෙන් අනතුරුව පලා ගොස් සැඟව සිටියදී නල්ලතන්නිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.