අම්බලන්තොට, බරවකුඹුක ප්රදේශයේ දී අද (30) උදෑසන තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට බරවකුඹුක ,සමනල ගම ප්රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්.
තම වැඩිමහල් සහෝදරයා සමඟ පැවති ආරවුලක් දුරදිග යාම නිසා ඇතිවූ බහින් බස්වීමකින් පසු ඔහුගේ වැඩිමහල් සහෝදරයා විසින් පහරදී තම බාල සහෝදරයා මෙසේ ඝාතනය කර ඇති බවට පොලිසිය සැකකරනවා.
ඝාතනයට සම්බන්ධ බවට සැකකරන අදාල වැඩිමහල් සහෝදරයා අඟුනුකොලපැලැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අඟුනුකොලපැලැස්ස පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා.
ඡායාරූප – හම්බන්තොට, රාහුල් සමන්ත