Gossips

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට නව යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනපති කියයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට ලබන 25 වනදා නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
අදාළ යෝජනාවලිය මගින් යුද්ධයෙන් පසුව ඇති වී තිබෙන තත්ත්වයන් සුහදව විසදා ගන්නේ කෙසේ දැයි යන්න පිලිබදව ජාත්‍යන්තරයේ අවධානය යොමුකරවීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර, රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.
තෙල් මිල සූත්‍රය සම්බන්ධයෙන් ද අදහස් පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී කියා සිටියේ එහි ගැටලූ පවතින බැවින් එය තවදුරටත් පවත්වාගෙන යන්නේ ද සංශෝධනය කරන්නේ ද යන්න පිලිබදව ඉදිරියේදී තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවයි.