එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ වන විට පාර්ලිමේන්තුවේදී රැස් වී තිබෙනවා.
එම රැස්වීම අතරතුර හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී ජයවික්රම පෙරේරා සඳහන් කළේ ඔක්තොම්බර් 26 වනදාට පෙර සභානායක ධුරය දැරූ ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක ධූරය දැරූ ගයන්ත කරුණාතිලක යන මන්ත්රීවරුන් යලි එම තනතුරුවලට පත් වනු ඇති බවයි.
