Gossips

එක්සත් ජාතික පෙරමුණෙන් දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක්

එක්සත් ජාතික පෙරමුණේ වෘත්තීය සමිති කිහිපයක් අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක නිරත වුණා.
ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වුයේ මැතිසබය නැවත කැඳවනු, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු යන සටන් පාඨය යටතේයි.
විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද නිළධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්.
මේ අතර, අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් සෑමවිටම කැපවී සිටින බවයි.