Gossips

එක්සත් ජාතික පක්ෂය තුළ තවත් පිපිරීමක් – ගම්මන්පිළ

අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය තුළ තවත් පිපිරීමක් සිදුව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කලේ අද පෙරවරුවේ කොළඔදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
පා.ම. උදය ගම්මන්පිල – නායක – පිවිතුරු හෙළ උරුමය
– ජනාධිපතිතුමා පැවසුවේ ඡන්දයෙන් පස්සේ ආර්ථිකය මගේ අතට ගන්නවා මං රැඩිකල් වෙනසක් කරනවා කියලා.ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන සියළුම අමාත්‍යංශ තවමත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය අතේ.මේක හරියට කන්දක් විලිලා මීපැටියෙක් වැදුවා වගේ වැඩක් තමයි. අගමැතිතුමාට පුන පුනා බැංකු හොරා කිව්වා.හොරු අල්ලන පොලිසිය බැංකු හොරාට භාර දීලා තියෙනවා.පුංචි ඡන්ද වේදිකිවේ ආණ්ඩුවේ නායකයින් කුමන කථා කිව්වත් බැදුම්කර වංචාව පිළිබද යුක්තිය ඉටුවීම ඊයෙන් අවසන් කියන එක අපි රටට කියන්න ඕනේ. ඇමති මණ්ඩල සංශෝධනයෙන් එ.ජා.පයේ තවත් පිපිරීමක් සිදුවෙලා.මේ වන විට නියෝජ්‍ය ඇමතිධූරවත් අඩුමගානේ ලැබෙයි කියලා විශ්වාස කරපු තරුණ මන්ත්‍රීවරු තමන්ට නියොජ්‍ය ඇමතිධූර නොලැබීමෙන් ඉතාම අසහනයට පත් වෙලා තියෙනවා.එ.ජා.පයේ දෙවන පිපිරීමක් අතලගය.අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව යළි කරළියට ගෙන ආ යුතුයි එහෙම ගේනවා නම් අපි අත්සං කරන්න ලෑස්තියි කියන පණිවුඩය මේ වන විට එ.ජා.ප තරුණ මන්ත්‍රීවරුන්ගෙන් මතෙක් අගමැතිතුමා රැකගැනීමේ සිටි මන්ත්‍රීවරුන්ගෙන් අපිට පණිවිඩ ලැබෙමින් තිබෙනවා.
ප්‍රශ්නය – ඔබතුමා සඳහන් කළා මාර්තු 07 වෙනිදා විශේෂ ක්‍රියාමාර්ගයකට යොමු වෙනවා කියලා. මොකද්ද මේ ගන්නා වූ ක්‍රියාමාර්ගය?
පිළිතුර – මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩදී ආණ්ඩුවට ඉල්ලා අස්වනු කියලා ජන අරගලයක් පටන් ගන්නවා පෙබරවාරි 10 වැනිදා ඡන්දයෙන් කියපු ජනතා විරෝධය මාර්තු 07 වැනිදා ඔළුගෙඩි වලින් කියන්න අපි බලාපොරාත්තු වෙනවා.ජනතාව මේ නගන හඩ ආණ්ඩුව නොසලකා ඉන්නවා කියන්නේ ජනතාවට බල කරනවා නැවත වතාවක් කතිරය වෙනුවට තුවක්කුවෙන් කථා කරන්න කියලා.මේ රට ලේ විලක් කරන්න එපා කියන ඉල්ලීම ආණ්ඩුවෙ නායකයින්ගෙන් ඉල්ලනවා.