Gossips

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඇරඹේ

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සඳහා නම් කළ පිරිසට අනුමැතිය ලබාගැනීම සඳහා පැවැත්වෙන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (26) උදෑසන 10.30 ට පමණ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වූ බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් නම් කිරීම ඊයේ (25) සිදුකෙරුණා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් නම් කෙරුණු අතර, මහ ලේකම් තනතුරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නම් කර තිබුණා.