Gossips

එක්සත් ජනපද රාජ්‍ය නිලධාරිනියක් අද දිවයිනට

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මෙරට නිළ සංචාරයක් සඳහා අද (09) දිවයිනට පැමිණීමට නියමිතයි.
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගිතාවන් ශක්තිමත් කිරීම මෙම සංචාරයෙහි අරමුණ වී තිබෙනවා.
මීට අමතරව ඇයගේ මෙම සංචාරයේදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, මානව අයිතිවාසිකම් ආදී කරුණු පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතයි.