Gossips

එක්සත් ජනපද කොංග්‍රස් කමිටු නියෝජිත පිරිසක් – ජනපති හමුවෙයි

සන්නද්ධ සේවා පිළිබඳ එක්සත් ජනපද කොංග්‍රස් කමිටුවේ නියෝජිත පිරිසක් අද ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවුණා.
ශ්‍රී ලංකාව ලෝකයේ සියලූ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගලා එන සැපයුම් මාර්ග පාලනයට එක්සත් ජනපද ආරක්ෂක අංශවල සහාය වැදගත් බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදි පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව – කලාපීය ආරක්ෂාවට මෙන්ම ලෝක සාමය වෙනුවෙන්ද වැදගත් බව එහිදී එක්සත් ජනපද කොංග්‍රස් කමිටු නියෝජිත පිිරිස පෙන්වා දී තිබෙනවා.