Gossips

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අභ්‍යවකාශයට

අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගගනගාමීන් දෙදෙනෙකු නම් කර තිබෙනවා.
හාරදහසක් පමණ අයදුම්පත් අතුරෙන් ඒ සඳහා තෝරාගෙන ඇත්තේ 34 හැවිරිදි හසා අල් මන්සූරි සහ 37 හැවිරිදි සුල්තාන් අල් නෙයාඩියි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වන ෂෙයික් මොහොමඩ් රෂීඩ් අල් මක්තෝම් විසින් මීට අමතරව ඩිරාම් බිලියන 20 ක් වැයවන අභ්‍යවකාශ වැඩසටහනක්ද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව 2021 වසර වනවිට අඟහරු වෙත යානයක් යවා එම දස්කම පෑ ප්‍රථම අරාබි රටවීම ඔහුගේ අපේක්ෂාවයි.
කෙසේ නමුත් අභ්‍යවකාශයට ගිය ප්‍රථම අරාබි ජාතිකයා වන්නේ 1985 වසරේ ඇමරිකානු ස්පේස් ෂටල වැඩසටහනට එක්වූ සුල්තාන් බින් සල්මාන් අල් සවුද්.
2117 වනවිට අඟහරු ග්‍රහයා මත මිනිස් ජනාවාසයක් තැනීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපේක්ෂාවයි.