Gossips

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වීසා ක්‍රමයක්එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වීසා ක්‍රමයක්

විදේශ ශ්‍රමිකයන් ඇතුළු කම්කරු අයිතීන්, සුබ සාධනය සහ රැකවරණය තහවුරු කරන නව වීසා ක්‍රමයක් හඳුන්වාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබෙනවා.
ඩුබායි, අබුඩාබි සහ සාජා ඇතුළත් එමීර් රාජ්‍යයේ වීසා රෙගුලාසි මේ අනුව කැපී පෙනෙන සංශෝධනයකට ලක් වන බවයි ගල්ෆ් නිව්ස් පුවත්පත සඳහන් කළේ.
තරඟකාරිත්වය ඉහළ නැංවීම සහ විදේශ ශ්‍රමිකයන්ට වඩාත් ආකර්ශනය ඇති කිරීම අරමුණු කර ගත් නව වීසා ක්‍රමය තුළින් ශ්‍රමිකයන්ගේ වැටුප් ඇතුළු ප්‍රතිලාභ ද ඉහළ නැංවෙනු ඇති.