මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙකු වන ලූතිනන් කර්නල් එරන්ත පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගත්තා.
ඒ, එම දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය කිහිපයක් ප්‍රකාශ ලබා ගත්තා. අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල්වරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට පෙර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 04 දෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අවිස්සාවේල්ල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.