Gossips

එක්නැලිගොඩ සිද්ධියට ඇල්ලූ, ලූතිනන් කර්නල් රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් එරන්ත පීරිස් ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු අද හෝමාගම මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ එම දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි.
මීට පෙර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 04 දෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අවිස්සාවේල්ල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.