Gossips

එක්නැලිගොඩ ජීවත්ව සිටිනවා නම් මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි – බොදුබල සේනා සංවිධානය

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන්නේ නම් ඔහු මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බව බොදුබල සේනා සංවිධානය පවසනවා.
එහි නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ජනපතිගෙන් කළ ඉල්ලීමට මැදිහත් වන්නැයි ඉල්ලමින් අද මහනුවරදී අස්ගිරි – මල්වතු මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුවයි.