Gossips

එක්නැලිගොඩ ඝාතනයට හමුදා බුද්ධි බලකායේ කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි බලකායේ කෝප්‍රල්වරයා ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එම සිද්ධියට ආධාර අනුබල ලබාදුන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණා.