Gossips

එක්නැලිගොඩගේ බිරිඳට තර්ජනය කිරීමේ සිද්ධියට ඥානසාර හිමියන් වරදකරු වෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළදී බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බව අද (24) හෝමාගම මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග නියෝග කර තිබෙනවා.
එමෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට දඬුවම් නියම කිරීම ලබන ජුනි 14 වැනි දා සිදු කිරීමටයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
ඉකුත් 2016 වසරේ ජනවාරි 25 වැනි දා සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළදී බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාලව ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම පොලිසිය මගින් මෙම නඩුව ගොනුකර තිබුණා.