Gossips

එක්දින ශ්‍රේණිගත කිරීම්වල රෂීඩ් ඛාන් ඉදිරියෙන්

නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම්වලට අනුව ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් තුන්ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.
ඔහු එක්දින පන්දු යවන්නන් අතර ද දෙවන ස්ථානය පත්ව ඇත්තේ පසුගිය දා නිමාවට පත්වූ ආසියානු කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
ඉන්දියාවේ රෝහිත් ෂර්මා එක්දින පිතිකරුවන් අතර දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
එක්දින පිතිකරුවන් අතර පළමු ස්ථානයේ තවමත් පසුවන්නේ ඉන්දියාවේ විරාට් කෝලියි.