ඉන්දියාව එක්දින ශ්‍රේණි ගත කිරිම්වල පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ ඊයේ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟය ජය ගැනීමෙන් අනතුරුවයි.
ඒ අනුව ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවූ දකුණු අප්‍රිකාව දෙවන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා. තුන්වන ස්ථානය එංගලන්තයට හිමිවී ඇති අතර, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, පිලිවෙලින් එහි පසුවන්නේ හතර වන පස්වන සහ හයවන ස්ථානයයි.
7 වන ස්ථානයේ පසුවන්නේ බංග්ලාදේශ කණ්ඩායමයි.
ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානය හිමිව තිබෙනවා.
මාස 6 ක කාලය තුල එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට ඉන්දියාව පැමිණි තුන්වන අවස්ථාව මෙයයි.
මෙම ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට නම් ඉන්දියාව දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින තරග 4 ද ජයග්‍රහණය කිරීමට සිදු වනවා.
දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේ පසුවුව ද එංගලන්තය නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ජයග්‍රහණය කළහොත් එංගලන්තය ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පැමිණෙනු ඇති.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ද සිම්බාබ්වේ කණ්ඩායම පසු කරමින් එක්දින ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 10 වන ස්ථානයට පැමිණ තිබෙනවා.
නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව සිම්බාබ්වේ කණ්ඩායම පසුවන්නේ 11 වන ස්ථානයේයි.
මේ අතර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ මේවන විට පසුවන්නේ ද ඉන්දීය කණ්ඩායම වීම විශේෂත්වයක්.