Gossips

එක්දින ලෝක කුසලානයට සංචිත නම් කිරීම 23 වනදාට පෙර

එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වන සියලු කණ්ඩායම්වල සංචිත ලබන 23 වනදාට පෙර නම් කළ යුතු වනවා.
මේ වනවිට නවසීලන්තය පමණක් තරඟාවලියට සහභාගි වන සිය කණ්ඩායම නම් කර ඇති අතර, ශ්‍රී ලංකා සංචිතය ලබන 18 සහ 19 යන දෙදින තුලදී නම් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ දිනයෙන් අවසන් වූ අන්තර් පළාත් තරඟාවලියේදී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය තේරීමේදී වඩාත් අවධානයට යොමුකිරීමට නියමිතයි.
එහි තරඟ 4 කට ක්‍රීඩා කරමින් ලකුණු 227 ක් ලබා ගත් ඇන්ජලෝ මැතිව්ස් පිතිකරුවන් අතර පෙරමුණේ පසුවූ අතර, ලසිත් මාලිංග කඩුලු 8 ක් දවා ගනිමින් පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණියා.