Gossips

එක්දින තරඟයේ වැඩ පෙන්වූ සුපිරි තුන් ඉරියව් වැඩකරු විස්සයි විස්සෙන් ඉවතට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟයෙන් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීශම් ඉවත්කර තිබෙනවා.
පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු මෙලෙස කණ්ඩායමෙන් ඉවත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරයේ පැවති එක්දින තරඟාවලියේදී නීශම් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් වෙමින් ලකුණු අතරට පැමිණියා.
ක්‍රීඩා විචාරකයන් පවසන්නේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මෙලෙස විස්සයි විස්සට අහිමි වීමේ අඩුව නවසීලන්ත කණ්ඩායමට දැනෙනු ඇති බවයි.
මේ අනුව නීශම් වෙනුවට නවසීලන්ත කණ්ඩායමට ඩග් බ්‍රෙස්වෙල් කණ්ඩායමට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස ක්‍රිකට් ගැටුම එළඹෙන සිකුරාදා ඔක්ලන්ඩ් හිදී පැවැත්වීමට නියමිතයි.