රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තම ගමන් මල්ලක සගවාගෙන සිංගප්පූරුවේ සිට පැමිනි ලාංකික ගුවන් මගියෙකු අද ( 23) අළුයම අත්අඩංගුවටගත් බව කටුනායක ගුවන්තොටුපල රේගුව පවසනවා.
එහි බර ප්රමාණය කිලෝ ග්රෑම් 2.366 ක්.
සැකකරු මැලේසියාවේ සිට සිංගප්පූරුවට පැමින, එමිරේට්ස් ගුවන්සේවයට අයත් EK 349 දරණ ගුවන් යානයෙන් කටුනායකට පැමින ග්රීන් චැනල් හරහා ගුවන් තොටුපලින් පිටවීමට උත්සහ කළ අවස්ථාවේදී මොහුගේ හැසිරීම් විලාසය පිලිබදව විමසිල්ලෙන් සිටි රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මඩකලපුව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් වූ පුද්ගලයෙක්.
මොහුගේ ගුවන් බලපත්රයේ ඉංජිනේරුවරයෙකු ලෙස සටහන් කර තිබුනද රේගු නිළධාරින්ගේ ප්රශ්න කිරීම හමුවේ ඔහු රන් කරුවෙක් බවට හෙළිව තිබෙනවා.