එක්කෝටි අසූ අට ලක්ෂ පනස්දහසක් පමණ වටිනා රන් බිස්කට් 29 ක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොල රේගුව මගින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යූ.එල්. 226 දරණ යානයෙන් ඩුබායි බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුනු අතර, ඔවුන් සන්තකයේ තිබී රේගු භාරයට ගත් රන් බිස්කට්වල බර කිලෝ 2 යි ග්‍රෑම් 9 ක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න කියා සිටියේ.
