Gossips

එකම පහරින් ශ්‍රී ලංකා පන්දු රකින්නන් තුන්වරක් ඇදවැටෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟයේදී short leg හි පන්දු රකින ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම ගැන මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අවස්ථා තුනකදී ජේක් ඩොරන් විසින් එල්ලකළ දැඩි පහරවල් හමුවේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් දෙදෙනෙකු ආබාධයට ලක්වීමත් සමඟයි.
එහිදී පන්දුව වැදීමෙන් ප්‍රථමයෙන් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වන්නේ කුසල් මෙන්ඩිස්.
අනතුරුව එහි පන්දු රකින රොෂේන් අවස්ථා දෙකකදී පන්දුව වැදීමෙන් අපහසුතාවයට ලක්වන අතර ඉන් දෙවන අවස්ථාවේදී ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ද අවශ්‍ය වනවා.
විදෙස් ක්‍රීඩා මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් තුන්වරක් බිම දැමූ ඩොරන්ගේ ප්‍රහාරය ලෙසයි.
එම අවස්ථා ත්‍රිත්වය දැක්වෙන වීඩියෝව පහතින්.