අලව්ව – වළකුඹුර ප්‍රදේශයෙන් මාඔයේ දියේ නාමින් සිටියදී එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
අලව්ව – පොරමඩල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි ඉනෝකා සචිනි සහ 11 හැවිරිදි තිරෝෂා ජිමේෂිකා නැමැති දැරියන් දෙදෙනා සිය පියා සමග ඊයේ පස්වරු 5.30 ට පමණ සංගිලි පාලම අසලින් මාඔයේ දිය නෑමට ගොස් තිබෙනවා.
එහිදී දැරියන්ගේ පියා වෙනත් කටයුත්තක් සදහා මාඔයෙන් එගොඩ වූ අවස්ථාවක මෙම දැරියන් දෙදෙනා මෙලෙස දියේ ගිලී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
දියේ ගිලෙමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් දැරියන් දෙදෙනා බේරාගැනීමට උත්සාහ කළේ මෙලෙසින්.
rn