Gossips

එකම පවුලේ තිදෙනෙකුට බරපතළ තුවාල සිදු කළ වැල්ලවායේ අනතුර

වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ ඊයේ සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
වැල්ලවායේ සිට ඇල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ පිහිටි මයිල ගසක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ පුත්‍රයායි.
තුවාල ලැබූ පුද්ගලයන් මේ වන විට මොනරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.