න්‍යෂ්ටික අත්හදා බැලීම වහාම නවතා දමන ලෙසට ඇමරිකාව යළි උතුරු කොරියාවට දැනුම්දී තිබෙනවා.
ජිනිවා නුවර අද පැවති විශේෂ සමුළුවකට එක්වෙමින් ඇමරිකාවේ විශේෂ නියෝජිතයෙකු මෙම දැනුම්දීම සිදුකර ඇති බවටයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද අද උතුරු කොරියාවට දැනුම්දුන්නේ න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර නොකරන්නේ නම් සිදුකිරීමට නියමිත සාකච්ඡා ද නවතා දමන බවයි.