Gossips

එකම තරඟයේ පැයක් ඇතුලත ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට වාර්තා කළ කඩුලු ත්‍රිත්ව දෙක

ක්‍රිකට් තරග වාර්තා අලුත් කරමින් තරගයකදී ක්‍රීඩකයන් දෙදෙනෙකුම කඩුලු ත්‍රිත්වයන් වාර්තා කිරීමේ සිද්ධියක් පිළිබඳ නවසීලන්තයෙන් වාර්තා වනවා.
නවසීලන්තයේ පළමු පෙළ ක්‍රිකට් තරගයකදී මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ වෙලින්ටන් කණ්ඩායමේ Logan van Beek සහ Matt McEwan විසින්.
පැයක කාලයක් තුල ඔවුන් දෙදෙනා ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 6 ක් බිඳ හෙළා මෙම කඩුලු ත්‍රිත්වය වාර්තා කළා.
නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයකට අනුව මෙම තරගය පැවති Plunket ක්‍රීඩාංගණයේ වසර 112 ක ඉතිහාසය තුල පැවති තරගයකදී එකම දිනයක් තුල කඩුලු ත්‍රිත්වයන් දෙකක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.
මෙම තරගයේදී එම ක්‍රීඩාංගණයේ 40 වන කඩුලු ත්‍රිත්වය වැන් බීක් විසින් ලබාගත් අතර දෙවනුව මැක්එවන් විසින් සිය කඩුලු ත්‍රිත්වය ලබාගත්තා.
එය Plunket ක්‍රීඩාංගණයේදී ක්‍රීඩකයෙක් ලබාගත් 41 වන කඩුලු ත්‍රිත්වයයි.