Gossips

එකතුකළ සියල්ල අළුගොඩක් වී අසරණ වූ අනුරපුරේ පවුල

අනුරාධපුර පෙරිමියන්කුලම පලුගස්වැව ගම්මානයේ නිවසක් හදිසියේම ගිනිගෙන තිබෙනවා.
ගින්න ඇතිවන අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර ගින්නෙන් සම්පුර්ණයෙන්ම නිවස විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
නිවෙස් හිමියන් අසල්වැසි නිවසක පැවති දානමය පිංකමක් සඳහා ගොස් නැවත පැමිණි අවස්ථාවේදීයි නිවෙස ගිනිගෙන ඇතිබව දැක ඇත්තේ.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයෙන් පැමිණ පවසා ඇත්තේ ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවන බවයි.
ගින්න සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම පවුලේ කුඩා දරුවන් තිදෙනෙකු සිටින අතර වැඩිමහල් පිරිමි දරුවා මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත අතර ඔහුගේ පාසල් උපකරණ සහ පොත්පත් ඇඳුම් පැළඳුම් සියල්ල ගින්නෙන් විනාශ වී තිබෙනවා.
දෛනික කුලී වැඩවල නිරත වෙමින් ජීවිකාව ගෙනයන දරුවාගේ මව්පියන් මේ වනවිට පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

rnrn