Gossips

එකඟතා කඩ කළොත් යළි වර්ජනයක්

බලධාරීන් ලබාදුන් එකඟතා කඩකළහොත් පෙර දැනුම්දීමකින් තොරව වර්ජනයක නිරතවන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ මේ බව කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින්.
බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් දුම්රිය රියදුරු සේවාවට පිිරිසක් බඳවා ගැනීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට සැළසුම් කර තිබුණේ.