Gossips

එංගලන්ත වේග පන්දුව හමුවේ ඉන්දීය ප්‍රබල පිතිකරු බළඇණිය අසරණ වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරඟයේ පළමු දිනය අත්හැර දමන්නට විනිසුරුවන්ට සිදුවුනේ පැවති අධික වර්ෂාව හේතුවෙන්.
දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වූ ඊයේ දිනයේ දී කාසිය වාසිය දිනූ එංගලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඉතා අසීරු අඩියකට ඇද දමන්නට ජේම්ස් ඇන්ඩසන් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
ඊයේ දිනයේදී ද අවස්ථා කිහිපයකදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර කෙසේ වෙතත් ඉන්දීය පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ එංගලන්ත පන්දු යවන්නන් ඉන්දීය පළමු ඉනිම පන්දුවාර 35යි පන්දු 02ක් තුළ ලකුණු 107කට සීමා කළා.
එහිදී විශ්ෂ්ඨ පන්දු යැවීමක නිරතවූ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩසන් ඉන්දීය පිතිකරුවන් 05 දෙනෙකු ක්‍රීඩාගාරය වෙත නැවත හරවා යවන්නට සමත් වුනේ පන්දුවාර 13යි පන්දු 02ක් තුළ ලකුණු 20ක් පමණක් ලබාදෙමින්.
ජේම්ස් ඇන්ඩසන් යැවූ පන්දුවාර 13යි පන්දු දෙකෙන් පන්දුවාර පහක්ම නිලකුණු පන්දුවාර වීමද විශේෂත්වයක්.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 29ක් රැස් කළ අතර නායක විරාත් කෝලි රැස්කළ ලකුණු සංඛ්‍යාව 23ක්.
සෙසු කිසිඳු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට එංගලන්ත වේගපන්දු බළඇණිය ඉඩ ලබාදුන්නේ නැහැ.
ජේම්ස් ඇන්ඩසන් දවාගත් කඩුලු 05ට අමතරව, ක්‍රිස් වෝක්ස් ඉන්දීය කඩුලු 02ක් බිඳ දැමු අතර ස්ටුවඩ් බ්‍රෝඩ් සහ සෑම් කරන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ඉන්දීය පළමු ඉනිම පහතින්..